Saturday, February 22, 2020

ගුණසේන සහ සුමනා

වෛවාහික ස්ත්‍රී දූෂන නීතිය ලංකාවේ නැත. මෙය 1995 දී මෙරටට හදුන්වා දීමට උත්සාහයක් ගනු ලැබීය. එහෙත් කේ බී රත්නායක නියෝජ්‍ය කථානායකතුමා විමසුවේ බොරු පැමිනිලි ඒමට ඉඩක් තිබෙනවා නේද කියාය.. බැටී වීරකෝන් මහතා ඊට පිලිතුරු දෙමින් ප්‍රකාශ කළේ ඒවා උසාවියෙන් විභාග කර හරි වැරැද්ද සොයාගත යුතු බවත් මෙම නීතිය පැනවීම ඉතා අවශ්‍ය බවත්ය.එහෙත් එම නීතිය එදා හදුන්වා දුන්නේ නැත.


 


අපේ අධිකරණය ඉතා ප්‍රශංසනීය බව කිව යුත්තක් නොවේ. 1995 දී හදුන්වාදුන් ඉතා දරුනු නීති  වලට අනුව ගෙදර ඉන්න මිනිහ ත් පාරෙ යන මිනිහත් අල්ලා හිරේ දැමිය හැකි වුවද  අපේ නීති පද්තිධය තුල තිබෙන විශිෂ්ට බව නිසා සමාජය බිද නොවැටී පවතී. ඉන්දියාවේ මෙසේ නැත. ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂන නීතිය නිසා බොහෝ පවුල් කැඩී බිදී ගොස් ඇතත් අපේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන පොලීසියද ඇතුලුව ඉතා වගකීමෙන්  ක්‍රියා කරන නිසා හානිය අවම වී ඇත. සමහර දුෂ්කර ප්‍රදේශවල නූගත් තරුනයෙක්  හේනක් කොටාගෙන කෙල්ලක් සහේට ගනී.ඒ ඔවුන්ගේ ජීවන රටාවයි. ඔය නීති කොල්ල දන්නෙත් නෑ කෙල්ල දන්නෙත් නෑ. ලමයෙකුත් හදාගත්තට පස්සෙ තමා ගේ වටලන්නෙ . ඒ පවුල එතනින් ඉවරයි.1995 දී  නීති සම්පාදනයේදී සියලු අංශ ආවරනය වන සේ නොසෑදීම නිසා අහිංසකයන්ට  සිරබත් කන්නට සිදුවී ඇත. මේවා සංශෝධනය විය යුතුය.



සෑම කලු වලාවකම රිදී රේඛාවක් තිබෙන්නාක්සේ මේ නීති නිසා රටේ සදාචාරයනම් රැකේ. ස්ත්‍රියගේ කැමැත්තෙන් හෝ ලිංගිකව එක්වී පසුව එම ස්ත්‍රියටම පුරුෂයා බ්ලැක්මේල් කළ හැකි නිසාය.



මේ කතාව මනහ්කල්පිත බව කිවයුතු නොවේ.මන්ද වෛවාහික ස්ත්‍රී දූෂන නීතිය ලංකාවේ නැති නිසාය. එහෙත් එවැනි නීතියක් තිබුනානම් . මෙය කලා නිර්මානයක් ලෙස පමනක් සලකා රස විදින්න. මෙය ඔබේ බුද්ධි කලම්බනය සදහා පමණි.



                                 ගුණසේන සහ සුමනා


ගුනසේන සමඟ සුමනා විවාහ වුනේ ප්‍රේම සමබන්ධයකිනි.ඔවුහු අවුරුදු හයක් ප්‍රේම කළහ.ගුනසේන ගුරුවරයෙකි.ඔහු සුමනාට ප්‍රේම කරන කාලයේ ගුනසේන සුමනා රැකියාව කර අවසන් වන තුරු සිට ඇයව කෝච්චියේ නිවසට ඇරලවා ආපසු තම බෝඩිමට එයි.බොහෝ දෙනෙක් සිතුවේ ඔවුන් විවාහක අඹු සැමියන් කියාය.එහෙත් ගුනසේන සුමනාගෙන් කිසිම අයුතු ප්‍රයෝජනයක් ලැබුවේ නැත.සුමනාගේ පියා හැම තැනම ගුනසේනගේ ගුනම කියමින් ඇවිද්දේය.ගුනසේන සුමනාගේ පවිලේ අයටද හැකි පමන උදවු කලේය

කාලය කෙමෙන් ගත විය.විවාහයට බාදාවන් ඉක්ම ගිය පසු ගුනසේන සුමනා සමඟ විවාහ විය.ඔවුහු සතුටින් සිටියේ අවුරුද්දක් දෙකකි.සුමනාගේ ජීවිතයට උපුල් ආවේ මේ කාලයේදීය.

උපුල් ගුනසේන නැති දවස් වල නිතරම සුමනාගේ නිවසට එයි.මෙය ගුනසේනට කිහිප දෙනෙකුගෙන්ම ආරංචි විය.එහෙත් ගුනසේන ට තම බිරිද ගැන තිබුනේ පුදුම විශ්වාසයකි.එහෙත් දැන් දැන් සුමනාට ගුනසේන රුස්සන්නේ නැති බව පෙනුනි.නිතරම සුමනා ගුනසේන සමඟ රන්ඩුවට එයි.දැන් නිවසේ පෙර පැවති සමාදානය නැත.

දිනක් ගුනසේන වැඩට ගිය පසු නිවසට ආ උපුල් ට සුමනා කීවේ මේ කරදරේ කරන්න බෑ මේකව මරල දාපන් කියාය.උපුල් ගේ හිත ගැස්සුනි.උපුල් මේ වැඩ වලට එතරම් කැමති නැත.ඔයා මහ බයගුල්ලෙක්නෙ ඔයා පිරිමියෙක්ද කියා සුමනා නෝක්කාඩු කියන්නට විය.සුමනා උපුල් සමඟද රන්ඩු වී මට බෑ මම කොහෙ හරි යනව කියමින් බොරුවට අඩන්නට වූවාය.

උපුල් එදා ගියේ ඔලුව ගිනි අරන්ය.ඔහු යළි නිවසට ආවේ  ඉහේ මලක් පිපුනාක් මෙනි.


ඩාලින් වැඩේ හරි උපුල් කීවේය.ඒ කියන්නෙ මේකව මරන්න ක්‍රමයක් හොයා ගත්තද සුමනා ඇසුවේ ප්‍රීතියෙන් ඉපිලෙමිනි.

නෑ ඕකව හිරේ යවන්න ක්‍රමයක් තිබෙන්ව.

ආ ඒත් කමක් නෑ.එතකොට දෙන්නම බේරිලනෙ සුමනා කීවාය.

මොකක්ද කරන්න තියෙන්නෙ සුමනා ඇසුවාය.




මේකයි ඩාලින්.මූ ඔයාව දූෂනය කෙරුව කියල ඇන්ට්‍රියක් දාන්න .එච්චරයි 


සුමනා උඩ බිම බැලුවාය.එහෙමත් පුළුවන්ද අනේ

ඔවු ඩාලින් කාන්තා සංවිධාන වලින් මෙහෙම නීතියක් දාල තිබෙනව.දැන් ඕනම පිරිමියෙක් ඕනම වෙලාවක අත් අඩංගුවට ගැනීමේ අවදානමක් තිබෙනව.ඉතින් අපි වගෙ ජෝඩු වලට කල්ල මරේ තමයි උපුල් කීවේය.සුමනා උපුල්ව බදා ගත්තේ සැපින්නක් නයෙක් බදා ගන්නා ලෙසිනි.


එදා රාත්‍රියේ සුමනා කලින් කතා කරගත් ලෙසින් ගුනසේන සමඟ ලිංගිකව එක් විය.ගුනෙසේන අනෙක් පැත්ත හැරී නිදා ගත්තේය.සුමනා හිමින් සීරුවේ නැගිට දොර ඇර ගෙන පාරට බැස්සේය.ඇය දැන් පිය මනින්නේ පොලීසිය වෙතයි.

හෝරාවන් දෙකක් තුනක් ගත විය.පොලිස් වාහන කිහිපයක් නිවස වටලන ලදී .ගිනි අවි අමෝරා ගෙන පොලිස් භටයන් ආවේ යුද්ධයකට යනවාක් සේය.ගුනසේන දොර අරිනවාත් සමඟම නිවසට කඩා වැදුන පොලිස් භටයෙක් නම මොකක්ද කියා සැරෙන් ඇසීය

ගුනසේන

ඒ වචනය ඇසෙනවාත් සමඟම පළාතම හෙල්ලුම් කෑවේය.ගොදුරක් ඩැහැගත් කොටියන් සේ පොලිස්භටයෝ ගුනසේන අල්ලා ගෙන පොලිස් වාහනයට දමා පොලීසියට ගෙනා විට සුමනාද පොලීසියෙ සිටියාය.ගුනසේන දකින විටම සුමනා අඩා වැටෙන්නට විය.

අපි ගෑනු වෙච්චි හැමදාම මේ දුක තමා කියමින් පපුවට ගහගන්නට විය.පොලවේ පස් කන්නට විය.පොලිස් කාන්තාවන් සුමනා සනසන්නට වූවාය.ඔයා බය වෙන්න එපා හරි තැනට ඇවිත් ඉන්නෙ මේ තිරිසනාට දැන් බේරෙන්න හම්බවෙන්නෙ නෑ.කියා සුමනා සැනසූහ

.
පොලිස් නිලධාරීහු ගුන්සේන දෙස බැලුවේ කෝපාග්නියෙන් දැවෙමිනි.ඊට හේතු වුනේ සුමනාගේ හැඩීමය.

මට මේ කිසිම දෙයක් තේරෙන්නෙ නෑ රාලහාමි ගුනසේන දැන් අඩන්නට මෙනි.


ආ ඒක තේරෙයි.තව ටිකකින් පොඩ්ඩක් ඉවසන්න එක් භටයෙක් කීවේ සමච්චලයටය.

මට හෙට ඉස්කෝලෙ යන්නත් තිබෙනවා ගුනසේන කීවේය.


ඈ යකෝ මූ ගුරෙක්ද .පොඩි කෙල්ලො මුගෙන් කොහොම බේරුනාද දන්නෙ නෑ.එක් භටයෙක් ගුගුලේය.


මූ ඒවත් කරල ඇති.මූට සංග්‍රහ ;ලැබෙන කොට ඒව ගැනත් කියාවි.නඩු කීපයකටම මූව උසාවි දාන්න පුළුවන් වේවි.පොලිස් ප්‍රධානියා පැවසීය.

දෙකකුල් වලින් එල්ලන ලැබූ ගුනසේන ට දරුණු වධ දෙන ලදී.ඔහුගේ ලිංගයටද පහර එල්ල විය.ලිංගය ලාච්චුවකට දමා වසන ලදී.එක් නිලධාරිනියක් ගුනසේනගෙ කලිසම අස්සට අත දමා ඇටයක් මිරිකන විට ගුනසේන හූ තැබීය.ඉන්පසු නිරුවත් කරන ලද ගුනසේන මේසයක් මත හිදවනු ලැබීය.එහෙත් ඔහුට දැන් එසේ සිටින්නටද පන නැත.දැන් කාන්තා ගැටළු සියල්ලම විසදන්නේ කාන්තා නිලධාරීන් අතිනි


උසාවියට ඉදිරිපත් කරන ලද ගුනසේනා දෙස සියල්ලෝම බැලුවේ රාක්ෂයෙක් දෙස බලන්නාක් මෙනි.




ඊට හේතුව සෑම මාධ්‍යයකම විවාහක කාන්තාවන් ස්වාමි පුරුෂයන් අතින් දූෂනය වීම ගැන වැඩ සටහන් නිතරම ප්‍රචාරය වන නිසා මුළු සමාජයේම කතිකාව අංක එකට තිබුනේ මෙයයි.


උසාවියේදී ගුනසේන වෙනුවෙන් සුමිත් එස් නාරායන නම් තරුන නීතීඥ තුමා ඉදිරිපත් විය.පැමිනිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ නීතීඥ වරිය මෙසේ පැවසුවාය.

ස්වාමිනි.මෙය කාන්තාවන් සියවස් ගනනක සිට ඉවසන ල්ලද්දක් .සැමදාම ඇයට ඉවසන්නට බෑ.මෙවනි අඩිතර භාර්යාවන් නිසා අපරාධකරුවන්ට තව දුරටත් නිදැල්ලේ ඉන්න බෑ.වින්දිතයා වෛද්යවරයෙක් වෙත ඉදිරිපත් කර දූෂනයක් සිදුවුනාද යන්න දැනගත හැකියි.ඇය ඇගේ සිරුරේ හා ඇදුම් වල ශුක්‍රාණු තැවරී ඇති බව පොලීසියට ප්‍රකාශකර තිබෙනවා.

සුමිත් එස් නාරායන නීතීඥ යා කීවේ මෙය බොරු චෝදනාවක් බවයි ඒ කතාවට හැමෝටම හිනාය.

සිනාව මැඩගෙන පැමිනිල්ලේ නීතීඥවරිය කීවේ ඔවු ස්වාමීනි.බොරු චෝදනා තිබෙන්නේ ඉතා සුළු ප්‍රතිශතයක්.


සැමියෙකුට පුළුවනි බලෙන් තම බිරිද සමඟ ලිංගිකව එක් වන්න.ඒ ඇයට කිසිසේතම අවශ්‍ය නොවන විටක.සාමාන්ය්‍යයෙන් එවැන්නක් බාහිර සමාජයේ දූෂනයක් ලෙස සැලකෙනවා.භාර්යාවකට අයිතියක් තිබෙනවා එවිට නීතිය ඉදිරියට යන්න,ඇය විවාහ වී සිටියත් ඇයට නීතියේ ආරක්ෂාව ලැබිය යුතුයි.

ස්වාමීනි මගේ උගත් මිත්‍රයා කියන විදියට  මේ නීතිය පිරිමි විරෝධී නීතියක් නොවෙයි.හබැයි දූෂකයන්ට එරෙහි නීතියක්.නීතියේ වර්ධනීය අවස්ථාවක්.මිනිහෙක් තමන් තම සහකාරිය සමඟ ලිංගික සම්බන්ධතාව ඇයට පහසු වන විට හා ඇයගේ සම්පූර්න කැමැත්ත සහිතව පමනක් කරන්නේ නම් මේ නීතිය ගැන කරදර විය යුතු නෑ.නම්ත් කැමැත්ත නැත්නම් කිසි ප්‍රශ්නයක් නෑ මේක දූෂනයක්.එයට නීතියෙන් දඩුවම් ලැබිය යුතුයි


අනික මගේ උගත් මිත්‍රයා කියන විදියට  බොරු පැමිනිලි එන කතාව බැලුවොත් අපට මිනී මැරුම් සඳහාවත් නීතියක් අවශ්‍ය නෑ


විත්තිය වෙනුවෙන් කතා කළ නාරායන මහතා

ස්වාමීනි. මේ ක්ශේත්‍රය වෙනත් ක්ශේත්‍ර වලට වඩා වෙනස්.ඕනෑම කාන්තාවකට ඕනෑම පිරිමියෙකුට එරෙහිව ස්ත්‍රී දූෂන චෝදනාවක් එල්ල කළ හැකියි.විශේෂයෙන් විවාහක බිරිදක් සම්බන්ධව මේ තත්වය ඉතා අවදානම්.දෙදෙනාගේම කැමැත්තෙන් ලිංගිකව එක්වී පරන තරහක් නිසා හෝ සැමියාගෙන් වෙන්වීමට සිතා හෝ දික්කසාදයක් පහසු කර ගන්න හෝ නැත්නම් හුදු වන්දි ලබා ගැනීමට හෝ දුෂ්ට බිරිදකට බොරු චෝදනාවක් කළ හැකියි.

මේ කතාව කියන විටම සුමනා හඩා වැටුනාය.සියල්ලන්ගේම අවධානය ඒ දෙසය

පැමිනිල්ලේ නීතීඥ වරිය යළි හඩ අවදිකලාය.ස්වාමීනි අපට සියලු දෙනාටම උදවු කරන්න ලැබෙන්නේ නෑ.ලිංග දෙකටම උදවු කරන්න තිබුනා නම් හොඳයි නමුත් වැඩි දෙනෙකුගෙ යහපතට සුළු පිරිසකට හිංසා කරන්න සිදු වෙනවා ඒකයි නීතිය.

අන්න ඒකයි අපට හොඳ පරීක්ෂන අංශයක අවශ්‍යතාවය තිබෙන්නේ.පර්යේශන හොදින් සිදුනොවුනොත් එය කෙළවර වෙන්නේ අහිංසකයන් උසාවි ගෙන ඒමෙන්.මෙහිදී පරීක්ෂණ නිසි ලෙස සිදුවී තිබෙනවා. 

ස්වාමීනි බොරු චෝදනා ප්‍රශ්න කවදත් තිබුනා.ඒත් දුෂට කාන්තාවන් අපි හදුනා ගන්නේ කෙසේද එසේ කියා ස්වාමි පුරුෂයන්ට භාර්යාවන් දූෂනය කරන්න ඉඩ දෙනවාද?

අනෙක් අතට ස්වාමීනි ස්වාමිපුරුෂයෙකුටත් පුළුවන් මේ නීතිය යටතේ පැමිනිලි කරන්න.එකම නීතිය අදාල කර ගන්න.එවිට භාර්යාවට එරෙහිව පොලිස් පරීක්ෂන කරන්න පොලීසියට සිදුවෙනවා

නාරායනට කියන්නට හැකි වුනේ ඒක ප්‍රායෝගික නැහැනෙ.එහෙම දේවල් වෙන්නෙත් නැහැනෙ.ඒ කියන්නෙ ස්ත්‍රී පුරුෂ ලිංගික සොබාවය අනුව.ඒ විතරක් නොවෙයි ඔය කියන වෛවාහික දූෂන සාමාන්‍ය ස්ත්‍රී පුරුෂ සමබන්ධතා වලින් ඉතාම සුළු ප්‍රතිශතයක් තිබෙන්නේ.මේක සම්පූර්නයෙන්ම බොරුවක්.මේ අහිංසකය මේ බොරු චෝදනාව නිසා දැඩි පීඩනයකට ලක් වෙලා


එසේ කියන විටම සුමනා යළි හඩන්නට වුනේ නාට්‍ය පිටපතේ එසේ තිබෙනවාක් මෙනි.

ගුනසේන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනි.


සුමනා උසාවියෙන් එළියට ආවේ උපුල් සමඟය.මමත් මුලින් මේක මෙච්චර වෙයි කියල හිතුවෙ නෑ.ඔයාට මාර මොලයක්නෙ තියෙන්නේ කියා හුරතල් වුනාය.උපුල් කොලරය ඉස්සුවාය.ඇත්ත කියන්න ඔයාට මේ අදහස ආවෙ කෝමද කියල සුමනා උපුල්ගේ උරහිසේ හිස තැබුවාය.


මම මොකටද මගෙ මැණිකට බොරු කියන්නෙ.අපේ අක්ක වැඩ කරන්නෙ කාන්තාව හා යුක්තිය කියන කාන්තා සංවිධානෙ.එයයි මේ අයිඩියා එක දුන්නෙ.ගුණසේනයට පොලීසියෙන් පෝරියල් එක හම්බවුනේ ඇයි කියල දන්නවද.මම අක්ක ලවා කෝල් එකක් දුන්න ඕ අයි සීට.දැන් කාන්තා සංවිධාන වලින් කෝල් ආවොත් පොලීසිය තදයි.



ගුනසේනයට මොකක් වෙයිද? සුමනා ඇසුවාය

ඕක හිරේ යනව.එතනදි හිරකාරයො ආයෙ නඩුව අහනව.උන් දෙනව හොද පෝරියල් එකක්.හිරකාරයො කියන්නෙ ගුනසේනය වාගෙ ඉස්කෝල ගුරාල නොවෙයි උන් ඇත්තටම මල්කැකුළු තලපු නරුමයො.උන් කෙළින්ම ගුනසේනයට කතා කරන්නෙ වනචරය මෙහෙ වර තෝ තොගෙ ගෑනිටවත් ඉන්ඩ දෙන්නෙ නෑ නේද? තෝ ගෑනිව දූෂනය කරපු හැටි රගපාල පෙන්නපිය කියල.ගුණසේනයට ගූ කන්ඩ වෙනවා


උපුල් කියාගෙන ගියේය.


සුමනාට ද සිනහව නතර කර ගන්නට බැරි විය.

ගුනසේනට බරපතල වැඩ ඇතිව සිර දඩුවම් නියම විය.සුමනාට වන්දියක්ද ගෙවීමට නියම විය.සුමනාට කාන්තා සංවිධානයෙන් උපදෙස් ලැබුන ලෙසම ලිංගික සමබන්ධය පැවැත්වූ විගසම උසාවි යාම ඇයට වාසි සහගත විය.


මෙම නඩුව ට මාධ්‍ය වල ආවරනය හොදින් ලැබුනි.නීති ශිෂ්‍යයෝද මෙය බලන්නට ආහ.කාන්තාව හා යුක්තිය සංවිධානයෙන් ගුනසේනට එරෙහිව උසාවියෙන් පිටත උද්ගෝෂනයක්ද සංවිධානය කරන ලදී.මේ ගැන පුවත්පත් වල ලිපිද පල විය.


කාන්තාව හා යුක්තිය සංවිධානයේ ප්‍රධානීන් උපුල්ගේ අක්කාට ස්තුති කලේමෙය ජාත්‍යාන්තරයටද ගෙන ගොස් රාජ්‍ය නොවන සංවිධානයට ආධාර ලබා ගැනීමට පවා පොටක් පෑදෙන බවයි.මෙය නීතියේ වර්ධනීය අවස්ථාවක් ලෙස නීති ක්ෂේත්‍රයේ කතාබහට ලක්විය.පරීක්ෂන මෙහෙයවූ පොලිස් නිළදාරීන්ටද උසස් වීම් ලැබෙනු ඇත.

ගුනසේන මේ සියල්ල සිදුවෙද්දී නිහඩවම සිටියේය.ඔහුගේ නිහැඩියාව දකින හැමෝම ඔහු වැරදිකරුවෙක් බව නිගමනය කළෝය.


සුමනාගේ එඩිතරකමට හැමෝගේම පැසසුම් හිමි විය.

ගුනසේනට ජීවිතයේ සියල්ලම අහිමි වී ඇත.සුමනාට සියල්ලම හිමි වී ඇත.ගුනසේනගේ දේපළද හිමි වනු ඇත.උපුල් සමඟ සුමනා නිවසට ආවිට සුමනාගේ සිනා හඩින් නිවසදෙදරුම් කන්නට විය. හැබැයි බේරිලා යන්න බෑ ඩාලින් කාන්තා සංවිධානෙට පාටියක් දෙන්න ඕනෑ කියා උපුල් සුමනාගේ නහය මිරිකුවාය.දෙමු දෙමු ගුනසේනයගෙ සල්ලි වලින්ම කී සුමනා උපුල්ට තුරුළු වූවේ නව යොවුන් තරුණියක මෙනි. දෙදෙනාම මහ හඩින් සිනාසුනහ. 

මේ වන විට ගුනසේන බන්ධනාගාර රිය වෙත ගෙන යමින් තිබිනි.

ගුනසේන එක්වරම මැරීවැටුනේය.පිරිමි විරෝධී නීතිවල පීඩනය දරා ගැනීමේ සීමාව ඉක්මවා තිබුනේ යැයි පශ්චාත් මරන පරීක්ෂනයේදී හෙළි නොවීය."



1 comment:

  1. ගුණසේන සහ සුඟනාගේ එකම කතාව දෙවරක් පළ කරළා නේද?

    ReplyDelete